හරි ළමයි,
ගොඩක් අය හොයන සහ ආසාවෙන් ඉන්න දෙයක් තමයි us stock market එකේ invest කරන එක. නමුත් ලංකාවෙ ඉදන් invest කරන එක ටිකක් අමාරු වැඩක්. මොකද ලංකාව අතුලෙ ඒ සදහා අවශ්‍ය පාහසුකම් අඩුයි. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ලංකාවෙ ඉදන් us stock market එකේ invest කරන්නෙ කියලා. ඒක හින්ද මේ කියල තියෙන steps හරි විදිහට පිලිපදින්න. නැත්නම් ඔයාලට හරියටම වැඩේ කර ගන්න අමාරු වෙයි.
මොකක්ද මේ us stock market එක කියන්නෙ
මොන දේ කරන්නත් කලින් කරන දේ මොකක්ද කියල දැනගෙන ඉන්න එක වටිනවනෙ. Us stock market එක කියන්නෙ ලෝකෙ ලොකුම stock market එක.
ලංකාව ඇතුලෙ stock exchanges (කොටස් හුවමාරු ) එකක් පමණක් තිබුනට ඇමරිකාව තුල කොටස් හුවමාරු කිහිපයක් තියෙනවා. ඒ අතරින් මූලික කොටස් හුවමාරු දෙක තමයි:
1. නිව් යෝර්ක් කොටස් හුවමාරුව (NYSE): 1792 දී ආරම්භ කරන ලද, NYSE යනු වෙළඳපල ප්‍රාග්ධනීකරණය (market capitalization) අනුව ලොව විශාලතම කොටස් හුවමාරුව වන අතර එය “wall street” ලෙස හදුන්වනවා. NYSE හි ලැයිස්තුගත කරලා තියෙන්නෙ සාමාන්‍යයෙන් විශාල, හොඳින් ස්ථාපිත ආයතන තමයි.
2. NASDAQ: 1971 දී පිහිටුවන ලද NASDAQ තමයි us stock market එකේ දෙවන විශාලතම කොටස් හුවමාරුව. මේ තුල හුවමාරු වන්නේ තාක්ශණික සමාගම්(tech companies) සහ new innovation companies තමයි.
මීට අමතරව තවත් කොටස් හුවමාරු කිපයක් us stock market එක තුල තිබුනද මූලික වශයෙන් පවතින්නේ මෙම හුවමාරු දෙකයි. මෙම හුවමාරු එක්ව ආයෝජකයින්ට කොටස්, බැඳුම්කර සහ වෙනත් සුරැකුම්පත් මිලදී ගැනීමට සහ විකිණීමට අවශ්‍ය පහසුකම් සපයනවා. Us stock market එක එහි විශාලත්වය, ද්‍රවශීලතාවය සහ සමාගම් වල විවිදත්වය මත එය ගෝලීය මූල්‍ය පද්ධතියේ ප්‍රධාන කොටසක් බවට මේ වන විට පත්ව තිබෙනවා.
හරි ඉතින් මම හිතනව ඔයාලට පොඩි idea එකක් එන්න ඇති කියල මොකක්ද මේ us stock market එක කියන්නෙ කියල. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ලෝකෙ ලොකුම stock market එකේ ආයෝජනය කරන්නෙ කියලා.
ඉතින් මේකට ඔයාලට website කිහිපයක් පාවිච්චි කරන්න වෙනව. පලවෙනි පියවර විදිහට ඔයාලට wise කියන site එකේ account එකක් හදා ගන්න වෙනව. ඔයාලට පුලුවන් පහල තියෙන link එක click කරල account එකක් create කරන තැනට යන්න.
Create an account: https://wise.com/invite/ihpc/wilabadap1
ඔයාලට පහලින් මම දාල තියෙන photo එකේ විදිහට ඔයාගෙ email එක පහල කොටුව ඇතුලෙ type කරල simple step කිහිපයකින් ඔයාගෙ account එක create කර ගන්න පුලුවන්.
ඊලගට ඔයාට අවශ්‍ය වෙනව interactive broker කියන site එකේ account එකක් create කර ගන්න. ඔයා ඒකට අවශ්‍ය link එක පහලින් මම සටහන් කරල තියෙනවා.
Create an account: https://ibkr.com/referral/wilabada444
ඔයා link එක click කරල ගියාම පහල සදහන් කරල තිබෙන ආකාරයට window එකක් open වෙයි. ඔයා එතන open account කියන button එක උඩ click කරන්න
ඊට පස්සේ ඔයාට පුලුවන් පහල තියෙන picture එකේ තියෙන ආකාරයට ඔයාගේ email address, username, password ලබා දීලා create account කියන button එක click කරන්න.
ඊලගට ඔයා ඔයාගෙ email එක confirm කර ගන්න ඕනි. ඒකට ඔයාගේ email inbox එකට ගිහින් interactive broker site එකෙන් ඇවිත් තියෙන email එක verify කරගන්න. ර්ර්ලගට පහල තියෙන photo එකේ විදිහට account type එක individual කියල තෝරලා start application කියන button එක click කරන්න.
ඊට පස්සෙ තියෙන්නෙ ඔයාගෙ විස්තර සම්පූර්ණ කර ගන්න. පහල සදහන් කරල විදිහට ඔයා ඔයාගෙ විස්තර ලබා දීලා ඉදිරියට යන්න.
ඊලගට ඔයා පහල තියෙන section එකට එනවා. එතෙනදි ඔයා account type කියන එකට cash කියන එක දෙන්න. රීට පස්සෙ පහල තියෙන income and worth කියන section එකට ඔයාගේ income එකට අදාලව විස්තර select කර ගන්න. ඊලගට continue button එක click කරල ඉදිරියට යන්න.
පහල තියෙන ආකාරයට ඊලගට ඔයා stock කියන field එක fill කර ගන්න.
ඊලගට පහල තියෙන ආකාරයට ඔයාගෙ details බලා ගන්න පුලුවන් වෙයි. එතන පහල ඔයාගෙ birthday එක fill කරන්න තියෙන තැන birthday එක fill කරලා I do not qualify for us tax treaty benefits කියන එකට tick එකක් දාන්න.
ඊලගට පහල තියෙන ආකාරයට අනිත් field වලටත් tick එක දාල ඉදිරියට යන්න. ඊලගට signature කියන field එකට site එකේ සදහන් කර ඇති ආකාරයට name එක type කරල continue button එක click කරන්න.
ඊලගට නැවතත් ඔයාට ඔයාගෙ account details පහල ආකාරයට බලා ගන්න පුලුවන්.
ඊට පස්සෙ පහල සදහන් කරල තියෙන විදිහට හැම box එකටම tick එක දාන්න. ඊලගට නැවතත් signature කියන field එකට name එක type කරල continue click කරන්න.
හරි දැන් ඔයා අවසාන අදියර කිහිපයට ඇවිත් තියෙන්නෙ. 😍පහල සදහන් කර ඇති ආකාරයට ඔයාලට සිද්ද වෙනව ඔයාගේ account එකට deposit එකක් කර ගන්න, ඔයාගෙ addreas එක verify කර ගන්න. Address එක verify කර ගන්න ඔයාට ඒ සදහා අවශ්‍ය කරන document එක ලබා දීලා complete කර ගන්න. ඒ වගේම ඔයාලගෙ id document ලබා දෙන්නත් එයි. එතනදි අවශ්‍ය කරන document ලබා දීලා complete කර ගන්න.
ඊලගට තියෙන්නෙ කොහොමද fund කර ගන්නෙ කියන එක. ඒකට තමයි අපි කලින් හදා ගත්තු wise account එක අවශ්‍ය වෙන්නෙ. ඔයා ඉහල තියෙන picture එකේ fund your account කියන button එක click කරාම පහල තියෙන විදිහෙ window එකක් open වෙයි. එතනදි ඔයා transfer from wise balance කියන field එකේ tranafer කියන එක click කරන්න.
ඊට පස්සෙ ඔයාලට පහල තියෙන ආකාරයට window එකක් open වෙයි. එතනදි ඔයා log in කියන එක click කරල ඔයාලගෙ wise account එකට log වෙලා authorize කියන එක click කර ගන්න
ඊට පස්සෙ ඔයාලට පහල තියෙන ආකාරයට notification එකක් එයි. ඒකට ඔයාට දැන් සිද්ද වෙනව ඔයාගෙ wise account එකට සල්ලි topup කර ගන්න.
ඒකට ඔයා මුලින්ම ඔයාගෙ wise එකට log වෙන්න.log උනාට පස්සෙ පහලින් පෙනෙනවා වගේ ඔයාලට දැක ගන්න පුලුවන්. ඔයාල ඊට පස්සෙ පහලින් තියෙනව වගේ usd කියන එක select කර ගන්න.
ඊට පස්සෙ add කියන එක උඩ click කරල ඔයාට පුලුවන් පහල තියෙනව වගේ window එකකට එන්න. එතෙනදි ඔයා ඔයාට deposit කරන්න අවශ්‍ය ගාන type කරල payment method එකට ඔයාගෙ payoneer card එක add කර ගන්න. ඔයාට payoneer card එකක් නැත්නම් ඔයාට පුලුවන් bybit card එක ad කර ගන්න. Bybit account එකක් නැත්නම් පහල තියෙන link එකෙන් account එකක් හදාගෙන ඒකට crypto deposit කර ගන්න. ඊට පස්සෙ ඔයාට පුලුවන් bybit card එක පාවිච්චි කරල payment එක කර ගන්න. එහෙම් නැත්නම් ඔයා ගාව තියෙන ඕන usd support කරන card එකකින් ඔයාට පුලුවන් wise එකට මුදල් ad කර ගන්න.
Bybit Account Creation Link: Click Here
ඒවගේම ඔයා bybit account එක හදල card එකක් ගන්න දන්නෙ නැත්නම් youtube එකට ගිහින් how to create bybit card කියල search කරන්න. ඔයාට ඕනි තරම් videos බලා ගන්න පුලුවන්.
දැන් හරි. ඊලගට ඔයාට තියෙන්නෙ කොටස් buy කරන්න තමයි. 😍ඔයාගෙ interactive broker account එක පහල තියෙන විදිහට ඔයාට බලා ගන්න පුලුවන් ඔයා හැම step එකක්ම හරියට කලානම්
පහල තියෙන picture එකේ විදිහට ඔයාට පුලුවන් දැන් දකුණු පැත්තෙ උඩ තියෙන trade කියන button එක click කරන්න. Button එක click කරාම ඔයාට පහල තියෙන විදිහට window එකක් open වෙයි.
ඉතින් ඔයාට පුලුවන් search bar එකේ ඔයාට buy කරන්න අවශ්‍ය company එකේ name එක type කරල අවශය කරන තොරතුරු enter කරල කොටස් buy කරන්න.
ඊලගට ඔයාට පුලුවන් portfolio tab එක click කරලා ඔයා buy කරල තියෙන කොටස් පහල තියෙන ආකාරයට දැක බලා ගන්න.
හරි දැන් ඉතින් මම හිතනවා ඔයාල හැමෝම සාර්තකව interactive broker එකේ account එකක් හදාගෙන කොටස් buy කරලා හෝ buy කරන්න සූදානමින් ඇති කියල. අන්තිමට ඔයාලා හැමෝටම සුභ පතනව ඔයාලගෙ කොටස් වෙළදපල journey එක සාර්තක වෙන්න කියල. ඒවගේම ඔයාල කුමක් හෝ දෙයක් මේ article එකෙන් ඉගෙන් ගත්තනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඒක මේ වගේ තව දේවල් ඔයාලට අරන් එන්න අපිට ලොකු motivation එකක් වෙන්ව. ඒ වගේම ඔයාල වගේ us stock market එකේ invest කරන්න බලාගෙන් ඉන්න අයට මේ article එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාල හැමෝටම ජයෙන් ජයම් වේවා. 🙌🏼🥂
Realy good content. Im got very good understand about us stock market .. Thankyou so much for your details and guidance.
Thank you for the appreciation. stay tuned for more info😍
Great article,
Please mention how to get money back to our account or card from interactive Brokers.
I will do it 🙌🏼. thank for the appreciation❤️